Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමගි ජන බලවේග අපේක්ෂකයාට වෙඩි තැබූ සැකකරුවන් මාට්ටු

2 years ago

මෙවර පළාත් පාලන මැතිවරණයට කළුතර මහනගර සභාවට ඉදිරිපත්ව සිටි සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 04 වනදා පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුවිය.

සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවියද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එක් සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය සොයාගෙන ඇත.

එමෙන්ම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු තුළින් පයාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සඟවා තිබු තවත් යතුරුපැදි  6ක් සොයාගෙන තිබේ.

මෙම සැකකරුවන් ප්‍රදේශ කිහිපයකින් මෙලෙස යතුරු පැදි සොරකම් කර ඇති බව විමර්ෂනවලදී අනාවරණය වී තිබෙන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.