Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව හැවිරිදි පාසල් දැරියට දිවි අහිමි කළ ‍රිය අනතුර

2 years ago

මුලතිව්, කර්නාට්ටුකේනි ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක ගැටීමෙන් 9 හැවිරිදි පාසල් දැරියක් ඊයේ (21) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව්, කෝකිලායි පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ දැරිය මුලතිව් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ දැරිය පාසලට රැගෙන යාමට බනිස් වි අනතුරකුණන ත්‍රිරෝද රථයකින් බනිස් ලබා ගැනීමට ගිය අවස්ථාවේ දී අනතුරට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුට එරෙහිව මීට පෙරත් රිය අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කෝකිලායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.