වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව රු 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහවැලි අධිකාරියේ ඒකක කළමණාකාරවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරුට, රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා, ඇතුගල ප්‍රදේශයෙන් ඉඩමක් ලබා දී තිබෙනවා.
නමුත් එම ඉඩම වගුරු බිමක් වීම හේතුවෙන් ලබා දී ඇති කොටස වෙනුවට නැවත මහවැලි අධිකාරියෙන් වෙනත් ඉඩම් කොටසක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දී බලපත්‍රය ලබා දීමට උදව් කිරීම සඳහා මෙම රු 20,000ක මුදල අල්ලසක් ලෙස අදාළ නිලධාරියා විසින් ඉල්ලා ඇති බව සඳහන්.
ඒ අනුව මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනුයුක්තව සඳුන්පිටිය ඒකක කළමනාකරණ කාර්යාලයේ ඒකක කළමනාකාරවරයාව ඊයේ (21) දහවල් සඳුන්පිටිය මහවැලි ඒකක කළමනාකරණ කාර්යාලය තුළ දී තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
