ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබෙනවා.
1815 වසරේදී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙක් මඟින් ශ්‍රී ලංකාව පාලනය කිරීම සිදු කළා.
මෙරටට 1948 පෙබරවාරි 4වනදා බ්‍රිතානයෙන් නිදහස ලැබුණද එවර හිමි වූයේ අර්ධ නිදහසකි.
ඊට හේතුව බොහෝ දේශපාලන විචාරකයින් පවසන පරිද්දෙන් දේශපාලනික ව බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වුණ ද, අධිකරණ බලය 1972 මැයි 22 තෙක් පැවතියේ බ්‍රිතාන්‍යයේ කිරීටය සතු ව බැවින් වීමයි.
කෙසේවෙතත් බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් යුත් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණා.
ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ‘ජනරජ දිනය’ ලෙස හැඳින්වෙනවා.
