වීරකැටිය ප්‍රදේශයේ නිවසක තිබියදී කිලෝ 101 ක මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන මෙම වැටලිම සිදුකරනු ලැබුවේ විරකැටිය අතුබෝදේ ප්‍රදේශයේ නිවසකය.
එහිදි නිවස තුළ තිබි පැකට් ලෙස අසුරා තිබු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101 අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
