Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප

2 years ago

නීති විරෝධී ලෙස වත්කම් අත්පත් කරගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

අල්ලස් කොමිසම විසින් ලැබුණු ලිඛිත පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට ඉදිරිපත් කර තිබුණා. 

2009 වසරේ සිට 2016 වසර දක්වා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපළ අත්පත් කර ගැනීමත් තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ චෝදනා කොට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. 

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද හැරීමට නියෝග කළා.