Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුදි ගුණසේකරට සුවිශේෂී ජයක්! රූ රැජින කිරුළ ආසන්නයට!

2 years ago

ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. 

ඇය එම තරගයේ Head to Head අභියෝගයෙන් ආසියාවේ මුල් 5 දෙනා අතරට ද ඇය පැමිණියා. 

වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීම විශේෂත්වයකි.

තවද Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරගකාරිය ද ඇය වෙනවා. 

මේ අතර, මෙම තරගාවලියේ ප්‍රධාන ඉසව්වක් වන Head to Head Presentation අංශයෙන් සහභාගීවන ඇය පසුගිය දා සිදුකළ ඉදිරිපත් කිරිම ලෝකයේ බොහෝදෙනාගේ අවධානය යොමු වුණා.

එමෙන්ම අවසන් 20 දෙනා සහභාගිවන අවසන් තරගය අද (23) පැවැත්වීමට නියමිතයි.