රුපියල් ලක්ෂ 40 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කළේ, නියෝජ්‍ය කොමසාරිස්වරයාට අමතරව සහකාර කළමණාකරුවරුන් දෙදෙනෙකු ද ඒ අතර සිටින බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් තිදෙනා ජූනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
