රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ශ්වසන අපහසුතා මතුවීම හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු පසුගිය බදාදා (21) පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර, බන්ධනාගාර නිලධාරින් විසින් ඔහුව M – 2 වාට්ටුව වෙත යොමුකර තිබුණා.
එහිදී තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබෙන බවට පවසා තිබෙනවා.
බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කිරීමේදී රමිත් රඹුක්වැල්ල පවසා ඇත්තේ, තමන්ට නිදාගැනීමේදී ද ශ්වසන අපහසුතා පවතින බවත් එම අවස්ථාවලදී තමන් වෛද්‍ය උපකරණ යොදාගන්නා බවත්ය.
ඒ අනුව ඔහුට නිදාගැනීම සඳහා ඇඳක් ලබාදිය යුතු බවත් ශ්වසන අපහසුතා පවතින අවස්ථාවල එයට අදාළ ප්‍රතිකාර කළ යුතු බවත් බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙන බවද වාර්තා වනවා.
