Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති දුමින්ද අද අධිකරණයට

2 years ago

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදී ඊයේ(23) උදෑසන අත්අඩංගුවට ගත් ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

පසුගිය අඟහරුවාදා කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ මෙම ගිනි අවියක් සොයා ගෙන තිබුණා. 

ඒ අනුව, අත්අඩංගුවට ගත් 69 හැවිරිදි අදාළ කාන්තාව සහ ඇගේ ලේලිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම රන් පැහැ ගැන්වූ ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවටයි.

සැකකාර හිටපු අමාත්‍යවරයා මීට මාස හයකට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට මෙය යවා ඇති බවයි එම විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ.