හෙළ සිනමාවේ නිළි රැජින ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අනිද්දා (26) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.
ඇයගේ දේහය අද (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබෙනවා.
නිළි රැජිණ මාලනී ෆොන්සේකා අද අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මියයන විට ඇය 78 වන වියේ පසුවුණා.
