Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම කතා වූ බදුල්ලේ ගැටුම පාලනයට මැදිහත් වූ පුද්ගලයින් දෙදෙනාට හිමි වූ ඇගයීම

1 year ago

පසුගියදා බදුල්ල නග‍රයේදී ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරියා හා සිවිල් පුද්ගලයාව ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.

බදුල්ල නගරයේදී පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙමින් සිටියදී එය නැවැත්වීම සඳහා තම ජීවිතය පරදුවට තබා සිවිල් පුද්ගලයෙක් හා පොලිස් නිලධාරියෙක් කටයුතු කර තිබුණා.

ඒ අනුව මෙලෙස කටයුතු කර තිබුණේ, මහියංගන මුලික මහ රෝහලේ සේවයේ නියතු ප්‍රසන්න ශ්‍රී රසික බණ්ඩාර යාපා සහ බදුල්ල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවයේ  නියතු P.D.D. නිලන්ත යන අයයි.