Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැස්ව සිටින්නන්ගේ නෙත් කඳුලින් තෙත් කරමින් හෙළ නිළි රැජිනගේ නිසල දේහය නිවසට(ඡායාරූප)

1 year ago

අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත අද (24) සවස රැගෙන ආවේය.

දේහය හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.

කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

1947 වසරේ අප්‍රේල් මස 30 වනදා උපත ලැබූ ඇය මිය යන විට 78 වන වියේ පසුවුණි.

දශක 06කට ආසන්න කාලයක්  තම විශිෂ්ඨ රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ මාලිනි ෆොන්සේකා මහත්මිය ශ්‍රී ලංකා සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමට සමත් වුණි.

ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි.

දහසක් සිතුවිලි, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, ආදරේ හිතෙනවා දැක්කාම, තුෂාරා, මාතර ආච්චි, බඹරු ඇවිත්, අහස් ගව්ව, වීර පුරන් අප්පු, බැද්දේගම, උත්පලවන්නා, ඇතුළු චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නාය.