ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධීයකට අදාළව ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් මොවුන් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 සහ 51 යන වයස්වල පසුවන මාළිගාවත්ත සහ ඇහැළියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මොවුන්, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ ඡායාරූපය වට්සැප් මගින් ලබාගෙන එය සංස්කරණය කර විදෙස් ගමන් බලපත්‍ර සැකසීම සදහා ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තම්න්තුව වෙත යොමු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
