Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙළයේ නිළි රැජින මාලනීට හිටපු ජනපති මහින්ද හා ගෝඨාභය අවසන් ගෞරව දක්වයි

1 year ago

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අද (25) එක්ව තිබෙනවා. 

මහජන ගෞරවය වෙනුවෙන් අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකායගේ දේහය අද (25) පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව වෙත රැගෙන එනු ලැබුවා.

මේ වනවිටත් ඇති විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් තරංගනී ශාලාව වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.