Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය මර්වින් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ඇතුළු සැකකරුවන් 5 දෙනා තවදුරටත් රිමාන්ඩ්

1 year ago

හිටපු අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව අද (26) යළිත් මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනා ජුනි 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.