Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවස අවට වටපිටාව ගැන අවධානයෙන් සිටින්න! ස්ථාන 3,900 කට රතු නිවේදන! 1,470කට නඩු!

1 year ago

පසුගිය 19 වැනිදා සිට 24 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක් ආවරණය කරමින් පවත්වන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මගින් පරිශ්‍රයන් 128,824 ක් පරීක්ෂා කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පරීක්ෂා කරන ලද ස්ථාන අතර නිවාස, පාසල්, වෙනත් අධ්‍යාපන ආයතන, රජයේ කාර්යාල, පෞද්ගලික ආයතන, ඉදිකිරීම් ස්ථාන, කර්මාන්ත ශාලා, පොදු ස්ථාන සහ ආගමික ස්ථාන පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

ඉන් පරිශ්‍ර 31,145 ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් 6,077ක ක්‍රියාකාරී මදුරු කීටයන් හමුව ඇත.

එම ස්ථාන 6,077 අතරින් ස්ථාන 3,916 කට රතු නිවේදන නිකුත් කරන ලද අතර ස්ථාන1,470 ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවම වශයෙන් සතියකට වරක්වත් සිය පරිශ්‍ර පරීක්ෂා කර පිරිසිදු කරන ලෙසයි.