රාත්රි කාලයේදී පදික මාරු ආලෝකමත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව පළමු අදියරේදී හඳුනාගත් අවදානම් ස්ථානවල පිහිටි පදික මාරු ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා සූර්ය පැනල යොදා ගන්නා බවත් ඔවුන් සඳහන් කරනවා.
මේ තුළින් රාත්රි කාලයේ පදික මාරු මතින් ගමන් කරන පුද්ගලයින් රියදුරන් හට හොඳින් දර්ශනය වන බවද, එමගින් ඔවුන්ට සිදුවන අනතුරු අවම වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මේ වනවිටත් මෙම වැඩපිළිවල යටතේ කුරුණෑගල, ගාල්ල හා කොළඹ දිස්ත්රික්කවල එවැනි පදික මාරු 140 ක් ආලෝකමත් කර ඇත.
