Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැසිල්ගේ නීතිඥයාගේ ප්‍රකාශයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධය

1 year ago

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අධිකරණය කටයුත්තකදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කර තිබෙනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වෛද්‍ය වාර්තාවන් සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමකදී  ඇමරිකාවේ සහ ලංකාවේ වෛද්‍යවරුන් සංසන්ධනය කරමින් ලංකාවේ වෛද්‍යවරුන් හොරු යැයි ප්‍රකාශ කිරීම සමස්ථ වෛද්‍ය වෘත්තියටම කළ නිගාවක් බවයි.

වෛද්‍යවරුන්ට කළ මෙම බරපතල චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා සහ නීතීඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බවද චමිල් විජේසිංහ මහතා පවසා සිටියා.

චමිල් විජේසිංහ මහතා පෙන්වා දුන්නේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගුණාත්මක භාවය හෝ සේවාව සොයා බැලීමට මේ රටේ උසාවිය, නීති පද්ධතිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යංශය ,මෙන්ම  වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය තීරණය කිරීමට ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවතින බවයි.

එසේ තිබියදී අධිකරණය තුළ අසත්‍ය ප්‍රකාශ කිරීම බරපතල කාරණයක් බවද ඔහු අවධාරණය කළා.