සිය ජංගම දුරකථනය විමර්ශකයන්ට භාර දෙන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හල්ලොලුව සම්බන්ධ වෙඩි තැබීමේ සිද්ධියක් විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.
හල්ලොලුව වාහනයකින් ගමන් කරමින් සිටියදී පසුගිය දිනෙක වෙද්දී ප්‍රහාරයක් එල්ල වී තිබිණි.
හඳුනා නොගත් තුවක්කුකරුවන් වාහනයට වෙඩි තබා ඔහු සතුව තිබූ වැදගත් ලියකියවිලි කිහිපයක් සොරකම් කළ බවට පැමිණිලි කර තිබේ.
