2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල http://g6application.moe.gov.lk යන සබැඳිය ඔස්සේ පරීක්ෂා කිරීමට පහසුකම් සලස්වා තිබෙනවා.
අභියාචනා මඟින් පාසල් සඳහා තෝරාගෙන ඇති සිසුන්ගේ ඇතුළත් කිරීම් අදාල පාසලේ විදුහල්පති විසින් සිදු කරනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
