හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අද(29) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණ පැය දෙකහාමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
2021 – 2023 අතර කාලසීමාවේ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් සිටියදී පෞද්ගලික කාර්ය මණ්ඩලයට පස් දෙනෙකු නාමිකව ඇතුළත් කර වැටුප් සහ දීමනා ලබාගෙන එම මුදල් පෞද්ගලික ගිණුමකට බැරකොට ඒවා දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන්ට බෙදා දුන් බවටයි හිටපු අමාත්‍ය හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක ද පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
එම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුව පවතින ගිණුම කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බව එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
එම ගිණුමට බැර වී ඇත්තේ අමාත්‍යාංශ අරමුදල් බවත් ඒවා සැකකරුගේ අනුදැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට හෙළිවී ඇති බවත් අල්ලස් කොමිසම සදහන් කළා.
