Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවට දින දෙයි

1 year ago

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කරගත් බවට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියම කළා. 

එහිදී නඩුවට අදාල ලේඛනයක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක විසින් අධිකරණයට ඉදිරිපත් කළා. 

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන හා සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අඩංගු ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. 

නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ සාධාරණ නඩු විභාගයක් සඳහා මෙම ලේඛන හා සාක්ෂි සටහන් තමන්ට අවශ්‍ය බවයි.

ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව සලකා බලා ලබාදිය හැකි ලේඛන විත්තියට ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරයාට දැනුම් දුන්නා. 

ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 11 වන කැදවීමට නියම වුණා.