Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදාහරියි

1 year ago

මෙරටට ආනයනය කළ පළමු පොල් කිරි තොගය හෙට (31) දිනයේ නිෂ්කාශන කටයුතු සහ රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

වැවිලි  හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කළේ, ඔරුගොඩවත්ත, ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේදී අදාළ කටයුතු සිදු කරන බවයි.

පොල් ගෙඩි මිලියන 200කට සමාන පරිමාවක පොල් ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඒ අනුව ශිතකල පොල් මද, පොල් කිරි හෝ පිටි, කුරුට්ට සහිත කැබලි ආනයනය කර ඇත.

මෙම තොගය, පිටි කළ පොල් කිරි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත අතර, ඒ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.

එසේම, මෙම තොඟය අදාළ ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතයි.