Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දස හැවිරිදි දරුවෙක් දිය රකුසාට බිලි වෙයි

1 year ago

දියේ ගිලී මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු ඊයේ (30) සවස් කාලයේදී වැවක දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.

මොරගොඩ පොලීසිය සඳහන් කළේ මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.