පානදුර වෑකඩ යතුරුපැදි අමතර කොටස් වෙළද සැලක් ඉදිරිපිට පසුගිය 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට ආධාර අනුබලදුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි.
පානදුර කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩිතැබීම සිදුකල තුවක්කුකරු සහ යතුරුපැදිකරු සැකකරුගේ නිවසේ පෙරදින රාත්‍රී නවාතැන් ගෙන සිට ඇති බවයි.
අත්අඩංගුවට සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
