අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරු පැදියක් හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මාරක රිය අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් බිරිඳ මියගොස් සැමියා බරපතළ තුවාල ලබා ඇති බව පයාගල පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහවත්ත, මහවිල , හබුරුගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
අඹුසැමි යුවල අද උදැසන යතුරු පැදියෙන් බේරුවල දෙස සිට කලුතර දෙසට ගමන්කර ඇති අතර, ඒ දෙසටම ගමන්ගත් බස් රථය යතුරු පැදියේ ගැටීමෙන් අනතුරුව කාන්තාව බසයට යටවී ඇති බව පොලිසිය සදහන් කරයි.
