Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන් දැයෙන් සමු ගනී

1 year ago

අපවත් වී වදාළ රූපවාහිනි සහ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික, සද්ධර්මකීර්ති, ශාසන අභිමානි, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජුනි 01 වැනිදා පස්වරුවේ දොම්පේ ඕල්කට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාලයක සිට රෝගාතුරව සිටි උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29 දා) අපවත් වූහ.

මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පංච මහා යෝගාශ්‍රමාධිපති බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණෝ දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාය.