උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතකළ 14 හැවිරිදි දැරියක් ගැබ්ගෙන ඇති බව සිදුකළ වෛද්‍ය පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.
අදාළ දැරිය ඊයේ (31) රාත්‍රියේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබුණේ උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන්.
මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත්තේ හපුතලේ, කැල්බන් වත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක්.
එහිදී වෛද්‍යවරුන් විසින් දැරිය පරීක්ෂා කිරීමෙන් පසු ඇය ගැබිණියක් බවට අනාවරණය වී ඇති බව සඳහන්.
දැරිය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සම්බන්ධයෙන් සැකපිට 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
