වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ‘බන්දුල පෙතියා’ මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, හෙටට (2) යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන මෙම බන්දුල පෙතියා හමුවන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණි.
ඒ අනුව හෙට (2) දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේ දී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.
