Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ගැන රජයෙන් සහතිකයක්

1 year ago

සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඊයේ (01)ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සීනි කර්මාන්තශාලාව වසා දැමීමේ අවදානමක් පවතින බවට ගොවීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ඔවුන්ගේ දේශපාලනික වුවමනා මත බවයි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගොවීන් චෝදනා කළේ ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න භාරගැනීම අත්හිටුවා ඇති බවටයි.

එමෙන්ම ඔවුන් එහිදී කියා සිටියේ කම්හලේ යන්ත්‍රෝපකරණ , මෙවලම් පසුගිය මැයි 21 වනදා සිට අක්‍රීයවී ඇති බවත්, ආයතනය පාඩු ලබන බවත් පවසමින් බලධාරීන් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළා.

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා චෝදනා කර සිටියේ අදාළ ප්‍රචාරය පිටුපස දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක බවයි.