යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලීසිය පැවසීය.
ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී තිබේ.
පසුව වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
පානදුර දකුණ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
