Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ලංගම බසයක් අනතුරට පත්වෙයි

1 year ago

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (02) පෙරවරුවේ අනතුරට පත් වී ඇති තිබෙනවා.

අනතුරකට ලක් වූ බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී නතර වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පවසනවා.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.