Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකු අධිපතිවරයා ඉවත්වන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

1 year ago

තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යාමට සැලසුම් කර නැති බව බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

තමන් ධුරයෙන් ඉවත්ව යන්නේ යයි පැතිරෙන තොරතුරු අසත්‍යයක් බවද ඒ මහතා කියා සිටියි.

මහ බැංකුව අධිපතිවරයාද ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අවසානයේදී භාණ්ඩාගාර ලේකම් තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඒ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරයක් බාර ගැනීමට නියමිතය.