Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය යයි

1 year ago

සර්ව ජන බලය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ පුද්ගලයෙක් විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

ඒ, කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය අවස්ථාවේදීයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ සර්ව ජන බලවේගයෙන් තරග වැද ලැයිස්තුවෙන් මන්ත්‍රිධූරයක් හිමි කරගත් කලවාන දෙල්ගොඩ පුබුදුගම ප්‍රදේශයේ පදිංචි සුජීව පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙක්.

විදුලි සැර වැදීමෙන් අනතුරුව ඔහු කලවාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

සුජීව පුෂ්පකුමාර මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී දිනකින් පසුවයි.

ඔහු, කොන්ත්‍රාත් පදනම මත ගස් වල අතු ඉවත් කිරිමේ රැකියාවක නිරතව සිට ඇති බවද වාර්තා වෙනවා.