Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලික ආරවුලක් මරණයෙන් කෙළවර වෙයි

1 year ago

මාරවිල, කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේදී ඊයේ(02) සවස පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ, කටුනේරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකි.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම ඝාතන සිද්ධියට සැකපිට 24 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.