Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට දිවයින පුරා බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

1 year ago

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇතී බදු සතියට සමගාමීව අද සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. 

ඊයේ සිට 8 වනදා දක්වා රජය විසින් බදු ශක්ති නමින් බදු සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගත්තේ. 

ඒ අනුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ දී හා සියලුම ප්‍රාදේශීය මෙන්ම නගර කාර්යාල මගින් බදු ගෙවන්නන් දැනුවත් කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 

එහිදී ජංගම බදු සේවා පැවත්වීමට ද කටයුතු යොදා තිබෙනවා. 

මීට අමතරව අනිද්දා සිට බදු සම්බන්ධ ගැටලු වලට පිළිතුරු ලබා දීමට දේශීය ආදායම් නිලධාරීන් වීථී සංචාරය කිරීමට ද නියමිතයි.