Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජිත සේනාරත්නට එරෙහි අල්ලස් නඩුවක චෝදනා සංශෝධනය වෙයි

1 year ago

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ චෝදනා සංශෝධනය කිරීම සඳහා අල්ලස් කොමිසමට අවසර දුන් කොළඹ මහාධිකරණය එම නඩුව යළි අගෝස්තු මස 29 වන දා කැදවන ලෙස අද (03) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු මස 29 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය “සී ගල්ෆ් යූ කේ” නමැති පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට ත පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.