සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලීසියට පැමිණි පුවතක් වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවී තිබේ.
සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව බිරිඳගේ සිරුර ලදු කැලෑවක් අසල තිබීයදී සොයාගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක් කර ඇත්තේ නොච්චිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි ගුරුවරියකි.
සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් පවතින බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
