ජාඇල නගරයේදී ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ 20ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (02) ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 20ක් වන සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි ජාඇල පොලිසිය සඳහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
