සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් පවසනවා.
ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාගැනීමට උත්සහ කළද අමාත්‍යවරයා විසින් එය මඟ හරිමින් සිටින බවයි ඔහු චෝදනා කළේ.
එමෙන්ම පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බවද ඔහු පවසනවා.
ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.
