නීතිවිරෝධී මත්පැන් ඡාවාරමේ රජු ලෙස සැලකෙන සමන් කුමාර හෙවත් ‘මනා’ විසින් ඡා – ඇල, ඔතේකැළේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය වටලා තිබේ.
එහිදී ගෝඩා අඩංගු බැරල් 201ක් සොයා ගෙන ඇති අතර එක් සැකකරුවෙකුද අත්අඩංගුවට තිබෙන බව සඳහන්.
පොලිසිය සදහන් කළේ මෙය මෙරට සිදුකළ විශාලම නීති විරෝධී මත්පැන් වැටලීම බවයි.
මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 30 කට වැඩි සංඛ්‍යාවක් එක්ව තිබෙනවා.
