තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ් ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව ලබන 04 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, එම මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළවයි.
ඔහු එම චෝදනාව මත පසුගිය 30 වනදා සිට අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවුණේ.
