ස්ථීර පත්වීම් නොලබා දැනට රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000කට ආසන්න පිරිස ස්ථිර කිරීමේ පොදු තීන්දුවක් ගැනීමට කරුණු සලකා බලන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය කාර්ය සහායක ක්ෂේත්‍රයට අයත් මදුරු මර්දන සහායක තනතුර සඳහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට ඊයේ කොළඹ දී එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට ජනතාවට වඩාත් උසස් මහජන සෞඛ්‍ය සේවාවක් සැපයීම තම රජයේ අරමුණ බවයි.
