Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට

1 year ago

රුපියල් නව කෝටි 93 ලක්ෂයක මුදලක් වංචා කළ රාජ්‍ය බැංකුවක නිලධාරිනියන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබුණා.

පොලීසිය සඳහන් කළේ අදාළ බැංකු ශාඛාවේ උකස් අංශයේ සේවය කළ සැකකාරියන් කැරට් 24 රත්‍රන් බව අඟවා ව්‍යාජ රන් භාණ්ඩ උකස් කර එම මුදල් වංචා කර ඇති බවයි.

ඊට සම්බන්ධ ව්‍යාපාරිකයෙකුද මේ වනවිට විදේශගත වී ඇති බව පොලීසිය පවසනවා.

ජාවාරමට සම්බන්ධ තවත් බැංකු නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.