Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිලිඳා විකිණීමට තැත් කළ තිදරු මවට බරපතළ වැඩසහිත සිරදඬුවම්

1 year ago

දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවකට විසින් බරපතළ වැඩසහිත වසර 7ක සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම සිරදඬුවම නියම කර තිබේ.

සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.