Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ග්‍රාමීය පාසල් දෙකකට ජනපති කාර්යාලයෙන් තෑගි

1 year ago

බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමි වී තිබේ.

මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.

මේ අතර අදට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් එම පාසල් වෙත පළතුරු සහ ඖෂධ පැළ බෙදා දීමද මෙහිදී සිදු විය.

ජගත් පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් පොල් පැළ 20,000ක් පාසල් වෙත බෙදා දීමේ වැඩසටහනද මීට සමගාමීව ආරම්භ කෙරිණි.