භාවිතයට නුසුදුසු ප්‍රසිද්ධ විදේශීය රූපලාවන්‍ය ක්‍රීම් වර්ගවල නිෂ්පාදිත දිනයන් වෙනස්කර ඔන්ලයින් හරහා අලෙවි කරන ස්ථාන දෙකක් වටලා තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
ලැබුණු පැමිණිල්ලකට අනුව රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේ සහ අඹගහ හන්දිය ප්‍රදේශයේ පවතවාගෙන ගිය මෙම අලෙවිකරන මධ්‍යස්ථානය දෙක පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ස්ථාන දෙකේ සිදුකළ පරීක්ෂා කිරීම්වල දී නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින වෙනස්කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ රූපලාවන්‍ය නිෂ්පාදන රැසක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව මෙම මධ්‍යස්ථාන දෙකෙන් සොයාගත් රූපලාවන්‍ය ආලේපන වර්ග සහ බෙහෙත් වර්ග මෙරටට ගෙන්වූ ආයතනයක් හෝ පුද්ගලයෙක් පිළිබඳව කිසිඳු සඳහනක් නොමැති බවයි වැටලීම සිදුකළ නිලධාරීන් පැවසුවේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබූ සියලු භාණ්ඩ මුද්‍රා තබා ඇත.
එමෙන්ම එම ස්ථාන දෙක පවතවාගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
