ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka-CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ ප්‍රජා සුව දැක්ම – 2025″ පා ගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය අද ආරම්භ විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කළ පාගමන විහාර මහාදේවී උද්‍යානය දක්වා ගමන් කෙරුණු අතර එම පරිශ්‍රයේ දී සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආරම්භ විය.
රෝහල් පරිශ්‍ර වල කොතරම් යටිතල පහසුකම්, මානව සම්පත් සංවර්ධනය කළ ද සෞඛ්‍ය සේවාවේ ඉලක්ක ජයගත හැකි සීමාවන් පවතින බැවින් වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ ජනතාව රෝහල් ගතවීම අවම කිරීමටත්, රෝග ව්‍යාප්තිය වලක්වාලීමටත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසීය.
