Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අර්චුනාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් සැර පිළිතුරක්

1 year ago

කන්ටේනර් 323කින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කළ ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසයි.

රටකින් රටකට ඒ ආකාරයට අවි ආයුධ ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි පැවසූ ආරක්ෂක ලේකම්වරයා මේ ආකාරයට ජනතාව නොමග යැවීම අපරාධයක් බවද සඳහන් කරයි..

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වරායට පැමිණෙන සියලුම කන්ටේනරයක්ම දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.

වරායෙන් පිට කළ කන්ටේනර් 300කට ආසන්න සංඛ්‍යාවක ගබඩා කළ තිබුණේ තායිලන්තයේ තිබූ ප්‍රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුධ බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් පසුගියදා(5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා එම ප්‍රකාශය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීමද දරන බවද ඔහු එහිදී සඳහන් කළේය.